පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පතිවරයෙකු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

by Staff writer 11-04-2020 | 5:17 PM
COLOMBO (News 1st) : ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි. ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා මධ්‍යම පළාතේ සිට කොරෝනා මර්දන රාජකාරි සඳහා පොලිස්පතිවරයාට සහය දැක්වීම හා පසුමූලය කටයුතු අධීක්ෂණය සඳහා පොලිස් මූලස්ථානයට කැඳවා තිබේ. නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා මධ්‍යම පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇතැයි, පොලිස් මුලස්ථානය සඳහන් කළේ ය. ඊට අමතරව, පොලිස් අධිකාරිවරුන් 4 දෙනෙක්, කාන්තා පොලිස් අධීකාරිවරියක් හා ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 4 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.