කොරෝනා සැඟවුවොත් අධිකරණය හමුවට

කොරෝනා සඟවා සිටින්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය කියයි

by Staff writer 11-04-2020 | 7:08 PM
COLOMBO (News 1st) : කොරෝනා රෝගය සඟවා සිටීම හා ඊට අනුබල දෙන පුද්ගලයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කොරෝනා ආසාධනය වී මියගිය දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයාට රෝග ලක්ෂණ තිබියදීත් එය වසන් කර සිටිමට ආධාර අනුබල දුන් පිරිස් වෙත අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.