Covid-19: රතු පැහැයෙන් ආලෝකමත් වූ නෙළුම් කුළුණ

කොරෝනා මර්දනයට කැපකිරීම් කරන්නන් වෙනුවෙන් නෙළුම් කුළුණ රතු පැහැයෙන් ආලෝකමත් වෙයි

by Chathuranga Rajapaksha 11-04-2020 | 7:49 PM

COLOMBO (News 1st): කො⁣රෝනා වෛරසයට එරෙහිව සටන් කරන වෛද්‍ය කාර්යමණ්ඩල සහ අත්‍යවශ්‍ය සේවාවන්ට ගෞරව කිරීමක් වශයෙන් කොළඹ, නෙළුම් කුළුණ අද රාත්‍රියේදී රතු පැහැයෙන් ආලෝකමත් කෙරිණි.

ඊට අමතරව සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් එක් කිරීම ද මෙහි තවත් අරමුණකි.