ඉන්සියුලීන් ඖෂධයේ කිසිදු හිඟයක් නැහැ

ඉන්සියුලීන් ඖෂධයේ කිසිදු හිඟයක් නැහැ - සෞඛ්‍ය අංශ කියයි

by Staff writer 11-04-2020 | 5:37 PM
COLOMBO (News 1st) : දියවැඩියාව රෝගීන් සඳහා අවශ්‍ය ඉන්සියුලීන් ඖෂධයේ කිසිදු හිඟයක් නොමැති බව, සෞඛ්‍යය අංශ පවසයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, තවත් ඉන්සියුලින් ඖෂධ තොගයක් අනිද්දා දිවයිනට ගෙන ඒමට නියමිත බවයි. සෙසු ඖෂධ ද කිසිදු හිඟයකින් තොරව ජනතාවට ලබා දීමට පියවර ගෙන ඇතැයි, ඔහු පැවසී ය.