by Staff writer 11-04-2020 | 1:45 PM
COLOMBO (News 1st) – දිනක් තුළ COVID-19 මරණ 2000ක් වාර්තා වූ පළමු රට බවට අමෙරිකාව පත්ව තිබේ.
ඒ, ගත වූ පැය 24 තුළ මරණ 2108 ක් වාර්තාවීමත් සමගිනි.
කෙසේ වෙතත් අමෙරිකාව පුරා වසංගත තත්ත්වය යම් පාලනයකට නතුව ඇති බව ධවල මන්දිර කොවිඩ්-19 කාර්යය සාධක බලකාය ප්‍රකාශ කර තිබේ.
එහි සාමාජික ඩෙබෝරා බර්ක්ස් ප්‍රකාශ කළේ, අමෙරිකාව තවමත් COVID-19 වසංගතයේ උපරිම මට්ටමට ළඟා වී නොමැති බවයි.
මේ අතර එරට COVID-19 මරණ සංඛ්‍යාව ලක්ෂකයට ආසන්න වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පුරෝකථනය කළේ ය.
කෙසේවෙතත් ඔහු පසුව ප්‍රකාශ කර ඇත්තේ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා නොයනු ඇති බවයි.
අමෙරිකාවෙන් මේ වනවිට ආසාදිතයින් පන් ලක්ෂ තුන්සිය අනූ නවයක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව ද 18,693 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව අද 1000 ඉක්මවා ගියේ ය.
ඒ අනුව දකුණු අර්ධගෝලයේ රටකින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව එයයි.
බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයින් 19,789 ක් වාර්තා වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 1068 කි.
මේ අතර ස්පාඥ්ඥය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය හා බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් තිබේ.
ස්පාඥ්ඥයෙන් 16081 ක්, ඉතාලියෙන් 18849 ක්, ප්‍රංශයෙන් 13197 ක්, ජර්මනියෙන් 2736 ක් හා බ්‍රිතාන්‍යයෙන් 8958 ක් ලෙස කොවිඩ්-19 මරණ සටහන් විය.
මේ අතර ලොව පුරා කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ද 102742 දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1699,828 කි.