සියලුම වී මෝල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ

සියලුම වී මෝල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ

by Staff writer 10-04-2020 | 1:05 PM

COLOMBO ( News 1st ) -  සියලුම වී මෝල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් කොවිඩ් 19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නැවත දැනුම් දෙන තුරු ප්‍රකාශයට පත් කර ඇති බවයි. ඒ, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යවශය බැවිනි. නිවේදයක් නිකුත් කරමින්, ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දෙන්නේ, සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශයේ පවතින වී තොග සහල් බවට පත් කළ යුතු බවයි. සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළත්, මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික් බල ප්‍රදේශය තුළත්, මහා පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරාත්, පවතින සහල් තොග බෙදා හැරීමට ක්‍රියාකළ යුතුවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා මේ සම්බන්ධයෙන්, වැඩබලන පොලිස්පති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ආහාර කොමසාරිස් ජනරාල් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මේ වනවිට මෙට්ට්‍රික් ටොන් මිලියන 3 කට ආසන්න වී අස්වැන්නක් පවතින බවයි. ඉන් තුනෙන් දෙකක් ප්‍රමාණයක් සහල් වශයෙන් පවතින බව ද එම නිවේදනයේ සඳහන් වේ. මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඔසුසල, ඖෂධ හල් සහ බැංකු සේවා ද තවදුරටත් අත්‍යවශ්‍ය සේවා ලෙස පවත්වාගෙන යනු ලබන බවයි.