COLOMBO (News 1st) - දිවයින පුරා පිහිටි සියලුම ඖෂධ අලෙවි සැල් පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තබන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
මේ දිනවල රට පුරා පනවා ඇති පොලිස් ඇඳිරි නීති තත්ත්වයට බලපෑමක් ඇති නොවන පරිදි අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ පහසුකම් සැලසීම සඳහා රජය විසින් මෙම පියවර ගෙන ඇත.
