සහල්වලට උපරිම සිල්ලර මිලක්

සහල්වලට උපරිම සිල්ලර මිලක්

by Staff writer 10-04-2020 | 5:49 PM

COLOMBO (News 1st) - අද සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ, ඊට අදාළ ගැසට් පත්‍රය ද මේ වනවිට නිකුත් කර ඇති බවයි. ඒ අනුව කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125 කි. සුදු සහ රතු වාෂ්පයෙන් තැම්බු සහ තම්බන ලද සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 90 ක් වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, සුදු සහ රතු කැකුළු සම්බා කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැක්කේ රුපියල් 90 ක උපරිම සිල්ලර මිලකට බවයි. සුදු සහ රතු නාඩු වාෂ්පයෙන් තම්බන ලද සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 90 ක් ය. සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 85 ක් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.