බස් රථයක් හා ගිලන් රථයක් එකිනෙක ගැටෙයි

බොරැල්ලේදී බස් රථයක් හා ගිලන් රථයක් ගැටීමෙන් 7කට තුවාලයි

by Staff writer 10-04-2020 | 3:09 PM

COLOMBO (News 1st) - බොරැල්ල ඩී. එස්. හන්දිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ගිලන් රථයක් ගැටීමෙන් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, රත්නපුරේ සිට කොළඹ ජාතික රෝහල දක්වා රෝගීන් රැගෙන පැමිණි ගිලන් රථයක් හා ජාතික රෝහලේ සිට මාතර දක්වා හෙද නිලධාරීන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් ගැටී ඇති බවයි. අනතුරින් ගිලන් රථයේ සිටි කුඩා ළමයෙකු ඇතුළු 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය පැවසුවේ ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. https://www.facebook.com/NewsfirstSL/videos/874230183051926/