රැඳවියන්ගේ මානසික සුවතාව වෙනුවෙන් වැඩපිළිවෙළක්

බන්ධනාගාර රැඳවියන්ගේ මානසික සුවතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

by Staff writer 10-04-2020 | 4:45 PM

COLOMBO (News 1st) - බන්ධනාගාරගත රැඳවියන්ගේ මානසික සුවතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ සඳහා නිලධාරී සංගීත කණ්ඩායම සහ රැඳවියන්ගෙන් සමන්විත සංගීත කණ්ඩායම යොදා ගනිමින් ප්‍රසංග පවත්වන බවය. ඊට අමතරව මාණ්ඩලික නිලධාරීන් බන්ධානාගාර තුළට දුරකතන ගෙන ගොස් රැඳවියන්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට ඇමතුම් ලබා ගැනීමට අවස්ථාව ලබාදීමට ද අවස්ථාව ලබාදෙන බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. මෙම වැඩපිළිවෙළ සියලු බන්ධනාගාරවල ක්‍රියාත්මක කෙරෙනු ඇති.