by Staff writer 10-04-2020 | 6:51 PM
COLOMBO (News 1st) - බංග්ලාදේශයේ රොහින්‍යා වැසියන් බහුලව වෙසෙන දිස්ත්‍රික්කයක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
විදෙස් වාර්තා පැවසුවේ Covid-19 වෛරසය පැතිරයාම සීමා කිරීමේ අරමුණින් කොක්ස් බසාර් නැමැති දිස්ත්‍රික්කය වසා දමා ඇති බවයි.
මියෙන්මාරයේ සිට සංක්‍රමණය වූ මිලියනයක පමණ රොහින්‍යා වැසියන් පිරිසක් එම දිස්ත්‍රික්කයේ දිවි ගෙවයි.
කෙසේවෙතත් ඒ අතරින් කිසිවෙකුටත් කොවිඩ් 19 ආසාදනය වී නොමැති නමුත් පවතින අඩු සෞඛ්‍ය පහසුකම් හේතුවෙන් එම දිස්ත්‍රික්කය වසා දැමූ බව බංග්ලාදේශ බලධාරීන් ප්‍රකාශ කළේය.