කොරෝනා ආසාදිතයෙකුගේ පියාගේ ආදාහනයට බාධා...

කොරෝනා ආසාදිතයෙකුගේ පියාගේ සිරුර ආදාහනයට බාධා කළ දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 10-04-2020 | 5:55 PM

COLOMBO (News 1st) - කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය දැනට කොළඹ අයි.ඩි.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයාගේ පියාගේ සිරුර ආදාහනය කරන අවස්ථාවේ ඊට බාධා කළ පුද්ගලයින් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරු ආදාහනය නතර කරන ලෙසට මරණ තර්ජනය කොට ආදාහනාගාර සේවකයින්ගේ රාජකාරියට බාධා කර ඇති බවයි. ඔවුන් දඩල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මිය ගිය 71 හැවිරිදි මෙම පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නැතැයි ද වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණ වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.