අද සිට දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට දැඩි නීති

අවසරයකින් තොරව දිස්ත්‍රික්ක අතර ගමනාගමනයේ යෙදෙන්නන්ට එරෙහිව දැඩි නීති

by Staff writer 10-04-2020 | 8:17 AM

COLOMBO ( News 1st ) - අද සිට දිස්ත්‍රික්ක අතර අවසරයකින් තොරව ගමනාගමනයේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කරනවා මෙන්ම නඩු පැවරීමට කටයුතු කරන බවයි.