අද දිනයේ කිසිදු කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන නොමැත

අද දිනයේ කිසිදු කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන නොමැත - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 10-04-2020 | 8:22 PM

COLOMBO (News 1st0 - අද දිනය තුළ මේ වනතෙක් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන නොමැති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ඒ අනුව, මෙරටින් තවදුරටත් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 කි. ඒ, ඊයේ පස්වරුවේ නව ආසාදිතයෙකු සොයා ගැනීමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ තවත් රෝගීන් 134 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි. මේ අතර, කොරෝනා වෛරසය අසාදනය වීමෙන් මෙරට මියගිය පිරිස 7 කි. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු අද රෝහලින් පිටව ගියේය. ඒ අනුව, සුවය ලැබු මුළු පිරිස 50 කි.