UPDAT:සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 54දක්වා ඉහළට

UPDATE : සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 54 දක්වා ඉහළට

by Staff writer 10-04-2020 | 6:20 PM

UPDATE (6.20 PM ) : තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, සුවය ලැබූ සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගොස් තිබේ.

COLOMBO ( News 1st ) - තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට මෙරට තුළ තහවුරු කරගත් කොරෝනා රෝගීන් ගණන 190 කි. කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින් ගණන 7කි. කොරෝනා ආසාදිතව දැනට ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 133 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. එමෙන්ම වෛද්‍ය අධීක්ෂණය යටතේ ⁣රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා බවට සැක සහිත ⁣රෝගීන් ගණන 224 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.