COVID-19 මරණ ගණන 95,000 ඉක්මවයි

ලොව පුරා COVID-19 මරණ ගණන 95,000 ඉක්මවයි

by Staff writer 10-04-2020 | 8:54 AM

 ( News 1st ) - ලොව පුරා COVID-19 මරණ සංඛ්‍යාව 95,000 ඉක්මවා ගොස් තිබේ.

ලොව පුරා COVID-19 ආසාදිතයින් 16 ලක්ෂය ඉක්මවන අතර සුවය ලැබූ සංඛ්‍යාව 355,671 කි. මේ වනවිට COVID-19 වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ අමෙරිකාවට ය. එරටින් ගතවූ 24 තුළ වාර්තාවන මරණ සංඛ්‍යාව 1872 කි. අමෙරිකාවෙන් සමස්ත ආසාදිතයින් 468,286 දෙනෙකු වාර්තා වන අතර මියගොස් ඇති සංඛ්‍යාව 16,663 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ප්‍රංශයේ ඉකුත් පැය 24 තුළ COVID-19 මරණ 1341 ක් වාර්තා විය. එරටින් ආසාදිතයින් 117,749 ක් වාර්තා වන්නේ මරණ සංඛ්‍යාව 12,210 දක්වා ඉහළ දමමින් ය. මේ අතර බ්‍රිතාන්‍ය, ඉතාලිය හා ස්පාඥඥයේද COVID-19 මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.