by Staff writer 09-04-2020 | 5:19 PM
COLOMBO (News 1st) - ගම්පොල, දොලුව, පිල්ලගොල්ල මංසන්දියේ අද විරෝධතාවක් පැවැත්විණි.
අප වාර්තාකරු පැවසුවේ මෙම විරෝධතාවයට පිල්ලගොල්ල, ගනේගොඩ, කළුගමුව ඇතුළු ගම්මාන කිහිපයක ප්‍රදේශවාසින් රැසක් එක්ව සිටි බවයි.
පොලිස් ඇඳිරි නීතිය නොතකමින් අද පෙරවරු 10 පමණ ආරම්භ වූ විරෝධතාව දහවල් 12 දක්වා පැවති බව අප වාර්තාකරු සඳහන් කළේය.
විරෝධතාවට එක්වූ පිරිස පැවසුවේ තමන්ට කිසිදු සහන මල්ලක් නොලැබෙන බවයි.
පේරාදෙණිය පොලීසිය පැමිණ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසීමෙන් පසුව පිරිස විසිර ගියහ.