මෑතකදී විශ්‍රාමගත් පුද්ගලයින්ට දැනුම්දීමක්

විශ්‍රාම ගත්, ඔන්ලයින් හරහා අයැදුම්පත් ඉදිරිපත් කළ පුද්ගලයින් වෙනුවෙන් දීමනාවක්

by Staff writer 09-04-2020 | 9:07 AM

COLOMBO ( News 1st ) -  පසුගිය පෙබරවාරි පළමු වැනිදා සිට මාර්තු 31 වැනිදා දක්වා විශ්‍රාම ගන්නා ලද එහෙත් ඔන්ලයින් හරහා අයැදුම්පත් ඉදිරිපත් කළ පුද්ගලයින් වෙනුවෙන් දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතා පැවසුවේ එම පුද්ගලයින් සඳහා රුපියල් 25,000ක දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බවයි.