ඇප දීම ගැන නීතිපතිගෙන් නිර්නායක 5 ක්

මත්ද්‍රව්‍ය හා සම්බන්ධ රැඳවියන්ට ඇප ලබාදීමේදී සළකා බැලීමට නීතිපතිගෙන් නිර්නායක 5 ක්

by Staff writer 09-04-2020 | 4:51 PM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ රැඳවියන්ට ඇප දීමේදි සළකා බැලිය යුතු නිර්නායක 5 ක් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් යොමු කර තිබේ.

ඒ, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙතයි. 13,000 කට අධික රිමාන්ඩ් රැඳවියන් සංඛ්‍යාවෙන් 8000 කට ආසන්න සංඛ්‍යාවක් මත්ද්‍රව්‍ය ආශ්‍රීත වැරදිවලට අදාළ රැඳවියන් බව වැඩබලන පොලිස්පතිවරයා වෙත නීතිපතිවරයා යැවු ලිපියේ දැක්වේ. ඒ අනුව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ, ඔවුන්ට ඇප දීමේදී තම උපදෙස් අනුගමනය කරන ලෙසයි. කොවිඩ් 19 වසංගතය හමුවේ, රිමාන්ඩ් බන්ධනාගාරවල තදබදය අවම කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව සලකා බලමින් නීතිපතිවරයා අදාළ නිර්නායක ඉදිරිපත් කර ඇත.