බදුල්ල, අලුගොල්ල කන්දේ ගින්නක්

බදුල්ල, අලුගොල්ල කන්දේ ගින්නක්

by Staff writer 09-04-2020 | 10:43 AM

COLOMBO ( News 1st ) - බදුල්ල, අලුගොල්ල කන්දේ හටගත් ගින්නකින් අක්කර 6 කට ආසන්න භූමි ප්‍රදේශයක පිහිටි ශාක විනාශ වී තිබේ.

බදුල්ල මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ ප්‍රදේශවාසීන් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ ඊයේ පස්වරුවේ ඇති වූ ගින්න රාත්‍රී 11 පමණ වනවිට මැඩ පැවැත්වීමට හැකි වූ බවයි.