පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1724 ක් කොටු

පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1724 ක් කොටු

by Staff writer 09-04-2020 | 8:47 AM

COLOMBO ( News 1st ) - අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1724 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ පොලීසිය භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 496 කි. පොලීසිය සඳහන් කළේ පසුගිය 20 වැනිදා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 19441 කු අත්අඩංගුවට ගත් බවයි. එම කාලය තුළ වාහන 5082 ක් පොලිස් භාරයට ගෙන තිබේ.