දැරියක් අපයෝජනයට අදාළ සැකකරුවන් රිමාන්ඩ්

තණමල්විල දැරියක් අපයෝජනය කිරීම: ප්‍රාදේශීය දේශපාලනඥයා ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

by Staff writer 09-04-2020 | 7:20 PM

COLOMBO (News 1st) - තණමල්විල ප්‍රදේශයේ වයස අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයින් 5 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සෙවනගල පොලීසිය පැවසුවේ සැකකරුවන් ලබන 16 වැනිදා දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි. ඔවුන් අතර ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ද වන බව පොලීසිය ප්‍රකාශ කළේය. එලෙස අපයෝජනයට ලක් වූයේ සෙවනගල කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් දැරියකි. ඊට සැක පිට එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු මීට පෙර සෙවනගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.