by Staff writer 09-04-2020 | 5:23 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුවීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව ජනාධිපති ලේකම් පී. බි. ජයසුන්දර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියකින් දැනුම් දී තිබේ.
ඒ, මීට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපති ලේකම්වරයාට යොමු කර තිබූ ලිපියකට පිළිතුරු ලෙසයි.
කොවිඩ් 19 වෛරසය පැතිරීම හේතුවෙන් අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම කල් දැමුණි.
කොමිසම මීට පෙර නිවේදනය කළේ, මැයි 14 වැනි දා යින් පසු දිනයකදී ඡන්දය පැවැත්විය හැකි බවයි.
ව්‍යවස්ථාව අනුව එම දිනය පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනකට පෙර දිනකදී රැස්විය යුතු බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.
ඒ අනුව පාර්ලිමේන්තුව මේ වසරේ ජුනි පළමු වැනි දිනවත්, රැස් විය යුතුයි.
ජුනි පළමු වැනි දා පාර්ලිමේන්තුව රැස්වීමට නම්, මැයි 27 හෝ 28 දිනවල ඡන්දය පැවැත්විය යුතු අතර මුලික කටයුතු සංවිධානය කිරීම අප්‍රේල් 20 වැනි දා වනවිටවත් ආරම්භ කළ යුතු බව මැතිවරණ කොමිසම පෙන්වා දුන්නේ ය.
නමුත්, කොමිසමේ සභාපතිවරයා අවධාරණය කර තිබුනේ, රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගත් විට මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන බවයි.
එම නිසා එය විසඳා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මගපෙන්වීමක් ලබා ගැනීම සුදුසු බව මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම් දී තිබුණි.
ඊට පිළිතුරු සපයමින් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා අවධාරණය කරන්නේ ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් බවයි.
මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත්වීමට ජනාධිපතිවරයා අදහස් නොකරන බව ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම්දී ඇත.
පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදයේ විධිවිධාන ප්‍රකාර දින 14 කට නොඅඩු කාලයකදී එනම් කල්තැබූ ඡන්ද විමසීම 15 වන දවසේ වුවද පැවැත් වියහැකි බව ජනාධිපති ලේකම්වරයාගේ ලිපියේ සඳහන් ය.
ජනාධිපති ලේකම්වරයා අවධාරණය කරන්නේ, ඡන්දය ප්‍රකාශ කිරීම රටේ ජනතාවට ඇති ස්වෛරි අයිතියක් බවයි.
කරුණු සැලකිල්ලට ගනිමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වැනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුවීමේ ප්‍රශ්නය පැනනොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙස උපදෙස් ලැබී ඇතැයි පී. බී. ජයසුන්දර මහතා සිය ලිපියෙන් මැතිවරණ කොමිසමට දැනුම්දී ඇත.