යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන්ගේ ප්‍රසාදය

Covid-19 මර්දන වැඩපිළිවෙළට යුරෝපා සංගමයේ රටවල මෙරට සිටින තානාපතිවරුන්ගේ ප්‍රසාදය

by Staff writer 08-04-2020 | 9:38 PM

COLOMBO (News 1st) - බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමට යුරෝපා සංගමයට අයත් රටවල මෙරට සිටින තානාපතිවරුන් සහභාගී විය.

යුරෝපා සංගමයට අයත් රටවලින් මෙරටට පැමිණි සිටි සංචාරයකයන් ආරක්ෂිතව නැවත එම රටවලට යැවීම සඳහා රජයේ සහ අනෙකුත් ආයතන වලින් ලැබෙන සහයෝගය මෙහිදී තානාපතිවරුන් අගය කර තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ , මෙරට කෝවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළට තානාපතිවරුන්ගේ ප්‍රසාදය හිමිවූ බවයි. සෞඛ්‍ය හා ආර්ථික ක්ෂේත්‍රයේ කාරණා සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුව තිබේ. ජර්මනිය , නෙදර්ලන්තය , ප්‍රංශය , ඉතාලිය, රොමේනියාව , ස්විට්සර්ලන්තය , නෝර්වේ තානාපතිවරුන් හා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ද මෙම සාකච්ඡාව සඳහා සහභාගීවූ බව නිවේදනයේ සදහන් ය.