අමෙරිකාවේ කොරෝනා මරණ ගණන 12,000 ඉක්මවයි

ලොව පුරා කොරෝනා මරණ ගණන 82,000 දක්වා ඉහළට, ආසාදිතයින් ගණන 1,430,516

by Staff writer 08-04-2020 | 7:32 AM

COLOMBO ( News 1st ) -  පසුගිය පැය 24 තුළ මරණ 1966ක් වාර්තාවීමත් සමග අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවා ඇත.

මේ අනුව ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 82,000 දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 1,430,516 ක් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.