ගමට යවන වැඩපිළිවෙළ විධිමත් විය යුතුයි

බස්නාහිර පළාතේ කොටු වූ පිරිස් ගමට යවනවා නම් විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් අවශ්‍යයි

by Staff writer 08-04-2020 | 2:23 PM

COLOMBO ( News 1st ) -  පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමග බස්නාහිර පළාතේ රැදී සිටින පුද්ගලයින් නැවත ඔවුන්ගේ ගම්බිම් බලා ප්‍රවාහනය කරන්නේ නම් ඊට විධිමත් සෞඛ්‍යඅ ආරක්ෂිත වැඩපිළිවෙළක් අවශ්‍ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ඉල්ලීම කොතරම් මානුෂීය වුවත් සැළසුමකින් තොරව එය සිදුවුවහොත් අවදානමකට මුහුණ පෑමට සිදුවන බව හජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කළේ ය. එලෙස පුද්ගලයින් ඔවුන්ගේ ගම්බිම් වෙත පිටත් කර හරින්නේ නම්, අවධානව යොමු කළ යුතු නිර්දේශ 3ක් එම සංගමය අවධාරණය කරයි. 1. පුද්ගලයින් ඔවුන්ගේ ගම්බිම් බලා පිටත් කර හැරීමට පෙර සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල එකඟතාවය සහිතව විධිමත් සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කිරීම හා එය සමීපව අධීක්ෂණය කිරීම 2. එසේ ගම්බිම් වෙත පිටත් කර හැරීමෙන් පසුව ප්‍රාදේශීයව කණ්ඩායම් මට්ටමින් නිරෝධායනය කිරීම 3. පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේදී එකිනෙකා අතර වෙරසය ආසාදනය වීමේ අවස්ථා අඩු කිරීම මේ අතර සිය ගම්බිම් වෙත යාමට අවශ්‍ය බව පවසමින් බස්නාහිර පළාතේ කොටු වී සිටින එම ප්‍රදේශවල පොලිස් ස්ථාන වෙත ගොස් ලියාපදිංචි වීම අද සිදු විය.