පැය 6 ක් තුළ පුද්ගලයින් 283 ක් අත්අඩංගුවට

පැය 6 ක් තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 283 ක් අත්අඩංගුවට

by Staff writer 08-04-2020 | 3:15 PM

COLOMBO (News 1st) - අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා වූ කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 283 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 81 කි. පොලීසිය සඳහන් කළේ, පසුගිය 20 වැනි දා සවස 6 සිට අද දින දහවල් 12 දක්වා කාලය තුළ පොලිස් ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 18,000 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. එම කාලය තුළ වාහන 4, 667 ක් පොලිස් භාරයට ගෙන තිබේ.