පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 1,815ක් කොටු

පැය 24ක් තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1,815ක් හා වාහන 595ක් පොලිස් භාරයට

by Staff writer 08-04-2020 | 7:23 AM

COLOMBO ( News 1st ) -  අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1,815ක් හා වාහන 595ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ අනුව ඇඳිරි නීතිය පැන වූ කාලය තුළ අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 17,717 දක්වා ඉහළට ගෝ ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.