කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

by Staff writer 08-04-2020 | 3:41 PM

COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) පස්වරු 1.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 09, කොළඹ 14 සහ නවගම්පුර යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි. එසේම කොළඹ 13 සහ 15 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.