රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව, රුපියලේ අගය රුපියල් 200 දක්වා අවප්‍රමාණය වෙයි

by Staff writer 08-04-2020 | 3:06 PM

COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව, රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණයවී තිබේ.

ඒ අනුව, අද දිනයේ ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 200 යි ශත 47 ක් ලෙසයි. පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම රුපියලේ අගය අවප්‍රමාණය විය. පසුගිය සඳුදා (06) දිනයේදී ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 199 යි ශත 40 ක් ලෙසයි.