සියලුම මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

අද සිට ලබන 21 වැනිදා දක්වා සියලුම මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 08-04-2020 | 11:25 AM

COLOMBO ( News 1st ) -  අද සිට ලබන 21 වැනිදා දක්වා සියලුම මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සන්නිවේදන අංශය සඳහන් කළේ , මේ වනවිට බලධාරීන් විසින් පනවා ඇති ගුවන් සීමා සමාලෝචනය කරමින් සිටින අතර එවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත් ලබන 21 දිනට පෙර කෙටි දැනුම්දීමකින් සිය මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සූදානම්ව සිටින බවයි. අවශ්‍ය වුවහොත් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ගෙන්වා ගැනීම සඳහා මෙම කාලය තුළ විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ ය. එම සමාගම නිවේදනය කළේ, ගුවන් සේවයෙහි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති අතර අවශ්‍ය විටෙක ඒ සඳහා විශේෂ ගුවන් ගමන් සිදු කෙරෙනු ඇති බවයි.