UPDATE:කොරෝනා ආසාදිතයින් ගණන 189 දක්වා ඉහළට

UPDATE: කොරෝනා ආසාදිතයින් ගණන 189 දක්වා ඉහළට

by Staff writer 08-04-2020 | 7:30 PM

UPDATE:  (7.30 PM) - තව ත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 189 දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා අසාදනය වී මේ වනවිට සුවය ලැබූ සංඛ්‍යාව 44 කි.

==============================================================

UPDATE:  (4.15 PM) - තව ත් කොරෝනා ආසාදිතයින් 02 ක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 188 දක්වා ඉහළ ගොස් තිබේ.

==============================================================

COLOMBO ( News 1st ) – මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, අද දිනයේ නව ආසාදිතයෙකු සොයා ගැනීමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, තව ත් රෝගීන් 138 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය. කොරෝනා අසාදනය වී මේ වනවිට සුවය ලැබූ සංඛ්‍යාව 42 කි. මෙරට 6 වන කොරෝනා මරණය ඊයේ වාර්තා විය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 80 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි. ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර කිසියම් පුද්ගලයෙකුට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් වහාම සෞඛ්‍ය අමාත්‍යංශයේ ස්ථාපිත කර ඇති 1390 යන දුරකතන අංකයනට දැනුම් දෙන්නැයි විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය දැනුම් දෙයි.

වෙනත් ලිපි