.webp)
BCG එන්නත ලබා නොදෙන රටවලට සාපේක්ෂව BCG එන්නත ලබාදෙන රටවල COVID-19 නිසා සිදුවන මරණ සංඛ්‍යාව අඩුවී ඇති බව අපට පෙනීගොස් තිබෙන බව ද වෛද්‍ය ගොන්සාලෝ ඔටසු පවසයි.
වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටවල් දෙකක් වන ඉතාලිය සහ එක්සත් ජනපදයේ BCG එන්නත් කිරීමේ ප්‍රතිපත්තියක් නොමැත. BCG එන්නත COVID-19 වෛරසය ආසාදනය වූ සෑම කෙනෙකුටම ගැලපෙනවායැයි සිතිය නොහැකි අතර සම්මුති විරහිත ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් හෝ ගර්භනී කාන්තාවන් සඳහා එය නිර්දේශ නොකරන බවද වෛද්‍ය ගොන්සාලෝ ඔටසු පවසයි. නිව්යෝර්ක් තාක්ෂණ ආයතනයේ වෛද්‍ය ගොන්සාලෝ ඔටසු පවසන්නේ ජපානයේ අඩු රෝගීන් සංඛ්‍යාවක් සිටින බව දැන ගැනීමෙන් පසුව මෙම අධ්‍යයනයන් සඳහා වැඩකටයුතු ආරම්භ කළ බව ය. BCG එන්නත ක්ෂය රෝග බැක්ටීරියාවලට පමණක් නොව වෙනත් ආකාරයේ බෝවන රෝගවලට ද ආරක්ෂාව සපයන බව පෙන්වන අධ්‍යයන පිළිබඳව තමා දන්නා බව ද ඔටසු පවසයි. ඒ අනුව ඔහුගේ කණ්ඩායම BCG එන්නත ලබාදෙන රටවල් පිළිබඳ දත්ත එකතු කළේය. ඒ තුළින් ශක්තිමත් සහසම්බන්ධයක් සොයා ගැනීම සඳහා ඔවුන් Covid-19 ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව පිළිබඳ සංසන්දනය කළහ. Covid-19 ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් සිටින ඉහළ ආදායම් ලබන රටවල් අතර, එක්සත් ජනපදය සහ ඉතාලිය BCG එන්නත නිර්දේශ කරනු ලබන්නේ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා පමණක් වන අතර, ජර්මනිය, ස්පාඤ්ඥය, ප්‍රංශය, ඉරානය සහ එක්සත් රාජධානිය BCG එන්නත භාවිත කළ නමුත් මීට දශක ගණනාවකට පෙර එය නවතා දැමුණි. Covid-19 වෛරසය ආරම්භ වූ චීනයට BCG එන්නත් කිරීමේ ප්‍රතිපත්තියක් ඇතත් එය 1976 ට පෙර ඉතා හොඳින් පිළිපැද්දේ නැති බව ද වෛද්‍ය ගොන්සාලෝ ඔටසු පවසයි. රෝගය පාලනය කිරීමට සමත් වූ ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවලට BCG එන්නත ලබා දීමේ ප්‍රතිපත්තියක් තිබේ.* අවවාදයයි
Covid-19 වෛරසය පාලනය කිරීමට ලෝකයම මේ වනවිට මහත් පරිශ්‍රමයක් දරමින් සිටී. රෝගය සඳහා වන ඕනෑම එන්නතක් ලබා ගැනීමට වසරකට වඩා වැඩි කාලයක් පවතින අතර අත්හදා බැලීම් යටතේ ඇති ඖෂධවල ඵලදායිතාවය ඉදිරි මාස ගණනාවක් යනතුරු දැනගත නොහැකිය. BCG එන්නත මගින් Covid-19ට එරෙහිව ආරක්ෂාව සැපයිය හැකිද යන්න සොයා බැලීම සාධාරණ වන්නේ එම නිසා බව ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තීකරණ අංශයේ මහාචාර්ය එලිනෝර් ෆිෂ් පවසයි. මහාචාර්ය එලිනෝර් ෆිෂ් සඳහන් කරන්නේ “මම අධ්‍යයනයේ ප්‍රතිඵල ඇදහිය නොහැකි තරම් ප්‍රවේශමෙන් කියවනවා” යනුවෙනි. විද්‍යා අධ්‍යයන සඳහා දැඩි නිර්ණායකයක් වන වෛද්‍ය ගොන්සාලෝ ඔටසුගේ අධ්‍යයනය සම වයසේ මිතුරන් විසින් තවමත් සමාලෝචනය කර නොමැත. වෛද්‍ය ගොන්සාලෝ ඔටසු පවසන්නේ, තමාට දැනටමත් වෙනත් විශේෂඥයින්ගෙන් අදහස් ලැබී ඇති බව ත් ඒවා ඔවුන්ගේ අධ්‍යයනයේ දෙවන කොටස සඳහා යොදා ගන්නා බව ය. ඔහු මහජන සෞඛ්‍ය පිළිබඳ ෆ්‍රොන්ටියර්ස් සඟරාව සමග විධිමත් සමාලෝචන ක්‍රියාවලියක් සඳහා ද අධ්‍යයනයක් ඉදිරිපත් කර තිබේ. නෙදර්ලන්තයේ රැඩ්බවුඩ් යුනිවර්ස්ටි වෛද්‍ය මධ්‍යස්ථානයේ බෝවන රෝග විශේෂඥ මිහායි නෙටියා කොරෝනා වෛරසයට එරෙහි BCG එන්නතෙහි ඵලදායිතාව පිළිබඳ අත්හදා බැලීම් කළ පළමු තැනැත්තා වේ. නෙටියාගේ කණ්ඩායම මේ වනවිටත් සෞඛ්‍ය සේවකයින් 400 දෙනෙකු සමග මෙම අධ්‍යයනය කරමින් සිටී. 200 දෙනෙකුට BCG එන්නත ලබා දී ඇති අතර ඔවුන් අවම වශයෙන් මාස දෙකක්වත් යනතුරු කිසිදු ප්‍රතිඵලයක් අපේක්ෂා කරන්නේ නැත. වයස අවුරුදු 60 ට වැඩි අයට BCG එන්නතෙහි ප්‍රතිඵලදායිතාවය අධ්‍යයනය කිරීම සඳහා ඔහු වෙනම අත්හදා බැලීමක් ආරම්භ කිරීමට ද සූදානම් ය. වෙනත් අත්හදා බැලීම් ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, සහ එක්සත් ජනපදයේ සිදු වේ. BCG එන්නත ක්ෂය රෝගයට පමණක් නොව අනෙකුත් රෝග ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ප්රතිඵලදායි වන්නේ මන්දැයි වඩා හොඳින් තේරුම් ගැනීමට විද්‍යාඥයින් තවමත් කටයුතු කරමින් සිටී. නෙටියාගේ දශකය පුරා කරන ලද වැඩවලින් පෙනී යන්නේ BCG එන්නත ප්‍රතිශක්තිකරණ පද්ධතිය සංවේදී කරන ආකාරයට ක්ෂය රෝග බැක්ටීරියාවට සමානව රඳා පවතින ඕනෑම රෝග කාරකයක්, එම ප්‍රතිශක්තිකරණ පද්ධතියට යහපත් ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ය. කෙසේ වෙතත්, Covid-19 සමග සටන් කිරීමට ඇති එකම මෙවලම BCG එන්නත නොවිය යුතුය. නිව්යෝර්ක් තාක්ෂණ ආයතනයේ වෛද්‍ය ගොන්සාලෝ ඔටසු පවසන්නේ BCG මගින් ජනගහනය ආරක්ෂා කළ පමණින් ලෝකයේ කිසිම රටක් රෝගය පාලනය කිරීමට සමත් වී නොමැති බව ය.