පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 1,107ක් කොටු

පැය 24ක් තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1,107ක් හා වාහන 326ක් පොලිස් භාරයට

by Staff writer 07-04-2020 | 8:19 AM

COLOMBO ( News 1st ) - අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතියඋල්ලංඝණය කළ පුද්ගලයින් 1,107ක් හා වාහන 326ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 15,902 දක්වා ඉහළට ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.