කොළඹ මහජන ආධාරලාභීන්ගේ අරමුදල් නිවසටම

කොළඹ මහජන ආධාරලාභීන්ගේ අරමුදල් නිවසටම ලබාදීමේ සේවාව හෙට සිට

by Staff writer 07-04-2020 | 10:37 AM

COLOMBO ( News 1st ) - කොළඹ මහජන ආධාරලාභීන් වෙත මාර්තු මස මහජන අරමුදල් නිවසටම ලබාදීමේ සේවාව හෙට සිට ආරම්භ කෙරෙන බව කොළඹ මහ නගර සභාව පවසයි.

නාගරික කොමසාරිස් චම්පිකා රෝෂණී දිසානායක මහත්මිය පැවසුවේ රට තුළ පවතින වත්මන් තත්ත්වය සැළකිල්ලට ගෙන හෙට සිට දින 03 ක කාලයක් එම ආධාර ලබාදීම සිදුකරන බවයි. මෙහිදී කොළඹ නාගරික බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සහ අඩු පහසුකම් සහිත පවුල් 12,970ක් සඳහා ආධාර ලබා දෙනු ඇති. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ආධාර බෙදාදීම් සිදුකෙරෙන අතර එම කාර්යය සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ද සහය ලබාගැනීමට නියමිත ය.