COLOMBO (News 1st) - කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ඉක්මන් සුවය පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරනු ලැබ තිබේ.
කොරෝනා වෛරස් රෝග ලක්ෂණ “නරක අතට හැරීම" හේතුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබිණි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහු මේ වනවිට ලන්ඩන්හි ශාන්ත තෝමස් රෝහලේ ප්‍රතිකාර ලබන බවය.
55 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පළමුවරට තහවුරු කර ගනු ලැබුවේ පසුගිය මාර්තු 27වැනි දාය.
