කටාන, කඳසුරිදුගම ගම්මානය වැසේ

කටාන, කඳසුරිදුගම ගම්මානයම ස්වයං නිරෝධායනයට

by Staff writer 07-04-2020 | 1:03 PM

COLOMBO ( News 1st ) - කටාන, කඳසුරිදුගම ප්‍රදේශයට පිවිසෙන හා පිටවන මාර්ග සියල්ල වසා දමා ගම්මානයම ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

කටාන අක්කර 50 කඳසුරිදුගම පවුල් 265 ක් නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඊයේ පියවර ගත්තේ ය. ඊට හේතුව වන්නේ ගම්මානයේ අවුරුදු 4 හමාරක පිරිමි දරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමයි. මේ වනවිට දරුවාගේ මව පියා හා තවත් පුද්ගලයෙක් අංගොඩ උණ රෝහලට ඇතුළත් කර තිබේ. දරුවාට වෛරස අසාදනය වූ ආකාරය තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත. කටාන ප්‍රාදේශීය සභාව ගම්මානය විෂබීජහරණය කර තිබේ.