නියෝජ්‍ය පොලිස්පතිගෙන් නිවේදනයක්

අත්‍යවශ්‍ය සේවාවල නියුතු වූවන්ගේ හැඳුනුම්පත ඇඳරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කෙරේ

by Staff writer 07-04-2020 | 8:31 AM

COLOMBO ( News 1st ) - අත්‍යවශ්‍ය සේවාවල නියුතු අය සඳහා සිය හැඳුනුම්පත ඇඳරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කරමින් කටයුතු කිරීමට ලබාදී තිබූ කාලය තවදුරටත් දීර්ඝ කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ එම කාලය ලබන 20 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බවයි. කොරෝනා රෝගියෙකු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත කෑගල්ල, අරනායක ප්‍රදේශයේ ගමනා ගමනය සඳහා පනවා තිබූ සිමා ඉවත් කර ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ ය. මේ අතර වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින්ට දැනුම් දෙන්නේ, ඔවුන් සඳහා ලබාදී ඇති ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත කිරීමෙන් වළකින ලෙසයි.