නාවික හමුදාව බොල්ගොඩ සහ බෙන්තර ‍ග‍ඟේ මුර සංචාර තර කෙරේ

නාවික හමුදාව බොල්ගොඩ සහ බෙන්තර ‍ග‍ඟේ මුර සංචාර තර කෙරේ

නාවික හමුදාව බොල්ගොඩ සහ බෙන්තර ‍ග‍ඟේ මුර සංචාර තර කෙරේ

කර්තෘ Staff writer

07 Apr, 2020 | 5:08 pm

COLOMBO (News 1st) – නාවික හමුදාව විසින් බොල්ගොඩ සහ බෙන්තර ගඟේ මුර සංචාර තර කර තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, දැනට පුද්ගලයින්ට පිටවීම සහ ඇතුළුවීම තහනම් කර ඇති බණ්ඩාරගම, අටලුගම සහ දර්ගා නගරය යන ප්‍රදේශවල ජනතාව බොල්ගොඩ සහ බෙන්තර ගංගා හරහා එම ප්‍රදේශයන්ගෙන් පිටවීම වැලැක්වීම සඳහා මුර සංචාර තර කළ බවයි.

බණ්ඩාරගම, අටලුගම සහ දර්ගා නගරය යන ප්‍රදේශයන්ගෙන් කොරෝනා වෛරසය ආසාදිතයින් හමුවීමෙන් පසුව එම ප්‍රදේශයන්ට ඇතුළුවීම සහ පිටවීම තහනම් කර එම ගම්මාන ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට රජය පසුගිය දා පියවර ගත්තේ ය.

එම ප්‍රදේශයන්හි ඇතැම් පිරිසක් බොල්ගොඩ සහ බෙන්තර ගඟ හරහා අවට ප්‍රදේශවලට ගමන් කිරීම හේතුවෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මුර සංචාර ආරම්භ කර ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]