by Staff writer 06-04-2020 | 3:49 PM
COLOMBO (News 1st) - කොරෝනා පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වාද්දුවේ කාන්තාව ලබන 9 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, අදාළ කාන්තාව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් කාන්තාව වාද්දුව රජමහා විහාර මාවතේ පදිංචි 41 හැවිරිදි තැනැත්තියක් බවයි.