පැය 6 ක් තුළ පුද්ගලයින් 171 ක් අත්අඩංගුවට

පැය 6 ක් තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 171 ක් අත්අඩංගුවට

by Staff writer 06-04-2020 | 3:45 PM

COLOMBO (News 1st) - අද උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 171 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ පොලීසිය භාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 86 කි. පොලීසිය සඳහන් කළේ, පසුගිය 20 වැනි දා සවස 6.00 සිට අද දහවල් 12.00 දක්වා කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 14,966 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. එම කාලය තුළ වාහන 3,751 ක් පොලිස් භාරයට ගෙන ඇත.