දෙදෙනෙකු මරු කැඳවූ දඹුල්ල - හබරණ මාර්ගයේ රිය අනතුර

දෙදෙනෙකු මරු කැඳවූ දඹුල්ල - හබරණ මාර්ගයේ රිය අනතුර

by Staff writer 06-04-2020 | 10:18 AM

COLOMBO ( News 1st ) - අද උදෑසන දඹුල්ලේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

දඹුල්ල සිට හඹරණ දෙසට ධාවනය වූ කැබ් රථයක් හා එම දෙසටම ගමන් ගත් යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු විය. එම අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා මිය ගියේ ය. ඔවුන් දෙදෙනා ගලේවෙල දේවහූව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. වේගය පාලනය කරගත නොහැකිවීමෙන් මෙම අනතුර වන්නට ඇතැයි පොලීසිය විසින් සැක පළ කරනු ලැබේ. අනතුරෙන් මියගිය දෙදෙනාගේ සිරුරු දඹුල්ල රෝහලට රැගෙන ගොස් තිබේ.