ඉන්දීය මැති ඇමතිවරුන්ගේ වැටුපෙන් 30%ක කප්පාදුවක්

කොරෝනා පරදවන සටනට ඉන්දීය මැති ඇමතිවරුන්ගේ වැටුපෙන් 30%ක කප්පාදුවක්

by Staff writer 06-04-2020 | 6:14 PM

(News 1st) - ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඇතුළු කැබිනට් අමාත්‍යවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ වැටුප 30% කින් කප්පාදු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කැබ්නට් මණ්ඩල ප්‍රකාශකවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කළේ ය. ඒ අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ වැටුප් 30% කින් කප්පාදු කෙරෙනු ඇති. සති 3 ක කාලයක් ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දැමීම හේතුවෙන් ඉන්දියාවේ බහුතරයක් ආර්ථික වශයෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇත. බොහෝ දෙනෙකු පීඩාවට පත්ව ඇති පසුබිමකදී වැටුප් කප්පාදුව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.