පොලිස් ඇඳිරි නීතිය කඩකළොත් වැඩ වරදී...

පොලිස් ඇඳිරි නීතිය කඩකළොත් වැඩ වරදී - පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

by Staff writer 05-04-2020 | 9:20 AM

COLOMBO ( News 1st ) - දිවයිනට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය සේවාවල නිතර පුද්ගලයින් හැර සෙසු සියලු පුද්ගලයින් නිවෙස්වලට වී සිට ඇඳිරි නීති රෙගුලාසිවලට අවනත විය යුතු බවයි. කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම තීරණය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසුවේ ය.