by Staff writer 05-04-2020 | 12:12 PM
COLOMBO ( News 1st ) - බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව, දකුණ සහ උතුරු මැද පළාත්වලත්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් පළාත්වලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ය.
ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර සුර්ය්‍යා උතුරට ගමන් කිරීමේදී අද සිට ලබන 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් ගමන් කරමින් පවතී.
ඒ හේතුවෙන් අද දහවල් 12.13 ට අම්බලන්ගොඩ, තල්ගස්වල, පස්ගොඩ, මිද්දෙණිය, උස්වැව සහ වීරවිල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.