එකවරම රෝහලට නොයා 1390 අමතන්න

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ස්වසන අපහසුතා ඇති අය එකවරම රෝහලට නොයා 1390 අමතන්න

by Chathurika Jayasundara 05-04-2020 | 10:40 AM

COLOMBO ( News 1st ) - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් විශේෂ දැනුම්දීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ මේ දිනවල කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ස්වසන අපහසුතා පවතින්නේ නම්, එකවරම රෝහලකට යෑමෙන් වැළකී සිටින ලෙසයි. ඒ අනුව ඉහත සඳහන් කළ යම් රෝග ලක්ෂණයක් පවතින්නේ නම් , 1390 ක්ෂණික දුරකතන අංකයට අමතා උපදෙස් ලබා ගන්නා ලෙස නිවේදනයක් වැඩිදුරටත් සඳහන් වේ.