විශ්‍රාම වැටුප් ගැන විමසීමට විශේෂ දුරකථන අංකයක්

විශ්‍රාම වැටුප් නොලැබුණු පුද්ගලයින්ට එය විමසීමට විශේෂ දුරකතන අංකයක්

by Staff writer 04-04-2020 | 12:34 PM

COLO0MBO ( News 1st ) - තැපැල් දෙපාර්තමේන්තුව හරහා බෙදා හැරෙන විශ්‍රාම වැටුප් නොලැබුණු පුද්ගලයින්ට ඒ සඳහා විමසීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, 1950 දුරකථන අංකය ඒ සඳහා හඳුන්වා දී ඇති බව ය. තැපැල් සේවකයින් විසින් ඊයේ හා පෙරේදා දිනයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් බෙදා හැරීම සිදු කරනු ලැබිණි. 95 % කට මේ වනවිට විශ්‍රාම වැටුප් බෙදා හැර අවසන් බව ද තැපැල්පතිවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ ඇතැම් පුද්ගලයින් අදාළ ලිපිනයන්වල නොමැතිවීම හේතුවෙන් විශ්‍රාම වැටුප් ලබා දීමට නොහැකි වූ බවයි. ලබන 06 වැනිදා ද ඒ සඳහා අවස්ථාව ලබා දෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ ය.