ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවයි

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවයි

by Staff writer 04-04-2020 | 5:14 PM

News 1st - ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 60,146 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලොව පුරා පුද්ගලයින් එකලොස් ලක්ෂ තිස්දහස් නවසිය තිස්තුන් දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇත. ඉන් සුවය ලැබූවන් සංඛ්‍යාව 235,902 කි. ගෙවුණු පැය 24 තුළ ලොව පුරා කොරෝනා ආසාදනයෙන් පුද්ගලයන් 988 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.