නිරෝධායනය අවසන් කළ 280 ක් නිවෙස් වෙතට

නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 280 ක් නිවෙස් වෙතට

by Staff writer 04-04-2020 | 4:23 PM

COLOMBO (News 1st) - නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි 280 කට ආසන්න පිරිසක් අද සිය නිවෙස් වෙත පිටත්ව යන බව යුද හමුදාව පවසයි.

එලෙස පිටව යන්නේ කටුකැලියාව, කන්දකාඩු සහ ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් වූ පිරිසකි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ, ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 172 දෙනෙකු අද දිනයේ සිය නිවෙස් වෙත පිටව ගිය බවය.