IDH රෝහලට ECG යන්ත්‍ර කිහිපයක් පරිත්‍යාග කෙරේ

IDH රෝහලට 'දිවි සත්කාර' පදනමෙන් ECG යන්ත්‍ර කිහිපයක් පරිත්‍යාග කෙරේ

by Staff writer 04-04-2020 | 11:54 AM

COLOMBO ( News 1st ) - අංගොඩ IDH රෝහලට ඉතා අත්‍යවශ්‍යව පැවති ECG යන්ත්‍ර කිහිපයක් 'දිවි සත්කාර පදනම' විසින් පරිත්‍යාග කිරීම ඊයේ (03) සිදු කරනු ලැබිණි.

එම උපකරණ කට්ටල පරිත්‍යාග කරනු ලැබු අවස්ථාවට IDH රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක චින්තා සූරියආරච්චි මහත්මිය ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු ද එක්ව සිටියහ.